මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේදී අත්අඩංගුවට ගත් මිනිමැරුම් සහ කොල්ලකෑම් රැසකට සම්බන්ධ චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ රාත්‍රියේ මොහු මාතර – කිරලකැළේ ප්‍රදේශයේ සගවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදී එහි තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
එහිදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(ඡායාරූප – අදීශ ආරියතිලක)