යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ 22 වැනිදා සිදු කළා.
හලාවත – කුමාරකට්ටුවේ පිහිටි සරත් හේමචන්ද්‍රගේ නිවසේ පැවති මෙම අවස්ථාවට ත්‍රීකුණාමළය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් ද එක්ව සිටියා.
යාපනය නල්ලූර් ප්‍රදේශයේදී පසුගිය වසරේ ජූලි මස 22 වැනිදා මෙම ඝාතනය සිදු වුණා.
එවකට යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි එම්.ඉලන්චේලියන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි සරත් හේමචන්ද්‍ර දෙදරු පියෙක්.
මහාධිකරණ විනිසුරුවරයාට පෙර ගමන් සපයමින් සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් සරත් හේමචන්ද්‍ර ජීවිතක්ෂයට පත් වුණා.
සරත් හේමචන්ද්‍රගේ අවසන් කටයුතු සදහා සහභාගි වූ මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් කියා සිටියේ සරත් හේමචන්ද්‍ර තමාගේ සමීප මිතුරෙකු බවත්,තමන් වෙනුවෙන් දිවි පිදූ ඔහුගේ දරුවන්ගේ අනාගතය තමා බාර ගන්නා බවයි.
ඒ අනුව තාවකාලිකව ඉදිකර තිබූ සරත් හේමචන්ද්‍රගේ නිවසේ කටයුතුද මහාධිකණ විනිසුරුවරයාගේ මැදිහත්වීම මත මේ වන විට අවසන් වී තිබෙනවා.
වර්ෂ පූර්ණයට සහභාගි වූ මහාධිකරණ විනිසුරුවරයා සරත් හේමචන්ද්‍රගේ පවුලේ අය සමග ඔහු භූමදානය කර ඇති සුසාන භූමිය වෙත ගොස් ස්මාරකයට ගෞරව දැක්වීමද සිදු කළා.