Gossips

පොලිස් ස්ථාන මාරුවලට ජනපතිගෙන් නව ක්‍රියාපටිපාටියක්

පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කිරීමේදී නව ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය මර්දනයට කැපවීමෙන් කිි‍්‍රයාකළ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පොලිස් ප්‍රධානීන් මාරුකළ යුගය අවසන් කරන බවයි.
මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන එන මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා කිසිදු අධිතාක්ෂණික උපකරණයක් නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ.