Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කට ස්ථාන මාරුවීම්

පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙසට සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 27 කට සහ පොලිස් පරීක්ෂකවරුන් 45 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස්පතිවරයාගේ නිර්දේශය මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්වයි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ.
සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ පොලිස් පරීක්ෂක කේ.ජේ. බන්දුතිලක දිඹුල පොලීසියට මාරු කර යවා තිබෙනවා.
පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ. ගුණරත්න වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.