Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙකුට ජාතික පොලිස් කොමිසම විසින් ස්ථානමාරු වීම් ලබාදී තිබෙනවා.
මෙලෙස මාරු කර ඇත්තේ බුත්තල, තංගල්ල, මුලතිව්, කින්නියා, කල්කුඩා, හබරාදුව, මාරවිල, නොච්චියාගම, ගෝමරන්කඩවල, පානම, හපුතලේ, මැදගම, ගලේවෙල, මහවිලච්චිය, පොතුවිල් සහ බඩල්කුඹුර යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්වයි.
මීට අමතරව, නිවිතිගල, ඩයගම, අයගම, කටුවන, සාලියවැව, ආයිත්තිමලය, සූරියවැව, තිරප්පනේ, උඩමලූව, ගලගෙදර සහ දඹගල්ල යන පොලිසිවල ස්ථානාධිපතිවරුන්ට ද මාරුවීම් ලබාදී තිබෙනවා.