සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන් තුන් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට්ටිපොළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්. ද සොයිසා නාවලපිටිය ස්ථානාධිපති ලෙස මාරු කර යවා ඇති අතර නාවලපිටිය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී .ඒ. රාජපක්ෂ හෙට්ටිපොළ පොලිස් ස්ථානය වෙත මාරු කර යවා තිබෙනවා.
එමෙන්ම කොත්මලේ සහ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වහාම මාරු කරන ලෙස බලකරමින් පසුගිය 10 වන දා එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ, නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ සුදු ඉර මත විරෝධතාවක ද නිරත වුණා.
