පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වූ නාඳුනන පිරිසක් පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවි කර පළා යාමේ පුවතක් දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළ ඇඳුමක් වන බවටයි වාර්තා වන්නේ.
නිවස ආසන්නයේ පදිංචි කාන්තාවක් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ රහස් පොලීසියෙන් යැයි පැවසූ පිරිසක් මෙම නිවසට පැමිණ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවටයි වාර්තා වන්නේ.
