Gossips

පොලිස් රාජකාරියට බාධා කළ 5ක් අත්අඩංගුවට

යාපනය – අරියාලේ ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම පිරිස වැලි ජාවාරමේ නිරතවූ සැකකරුවන් මුදාගැනීමට තැත් කර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පසුව සිද්ධියට සම්බන්ධ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලි පැටවීමට පැමිණි ට්‍රැක්ටරයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනුනා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය – අරියාලේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 34 ත් අතර වයස්වල පසුවන්නන්.
ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.