Gossips

පොලිස් රාජකාරියට බාධා කළ, තමන්කඩුව සභාපති අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කිරීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් මත පොළොන්නරුව – තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 3 දෙනෙකු පොලීසිය ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ ඇතුළු තුන්දෙනෙක්.
කදුරුවෙල නගරය ආසන්නයේදී රථ වාහන වැරැද්දක් පිළිබදව රාත්‍රී මුර සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් සභාපතිවරයා ඇතුළු පිරිස දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එහිදී සභාපතිවරයා ඇතුළු එම පුද්ගලයින් පොලිස් නිළධාරියෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කළ බවටයි පොලීසිය චෝදනා කරන්නේ.
අත්අඩංගුවට ගත් සභාපතිවරයා ඇතුළු පිරිස අද (10) පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.