Gossips

පොලිස් ප්‍රධානීන්ට පොලිස්පතිගෙන් විශේෂ උපදෙසක්

අද (30) දිනයේදී කොළඹ කිසිදු කලහකාරී සිද්ධියක් ඇති නොවන ලෙසට අවශ්‍ය උපරිම ආරක්ෂාව යොදවන්නැයි සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස්පතිවරයා විසින් අදාල උපදෙස් මේ වනවිටත් එම නිලධාරීන්ට ලබාදී ඇති බවයි.
මීට අමතරව කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2000ක් සහ රථ වාහන රාජකාරිය සඳහා නිලධාරීන් 600 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා.