Gossips

පොලිස් පහරදීමට එරෙහිව සරසවි සිසුන් මානව හිමිකම් කොමිසමට

පාර්ලිමේන්තු වටරවුම අසල සිදුකළ විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන් සිසුන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා.
එහි සභාපති නිශ්ශංක ගමගේ කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් තම සංගමයේ සිසුන් හතරදෙනෙකු තුවාල ලැබූ බවයි.
සමාජ විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ ගැටළුවට විසඳුම් ඉල්ලමින් සබරගමු සරසවි සිසුන් ඊයේ සංවිධාන කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුම අසළදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ, ඔවුන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් ඉදිරියට යාමට උත්සාහ කිරීමත් සමඟයි.
එහිදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විරෝධතාවට එක්ව සිටි සිසුන් කිහිපදෙනෙකුට පා පහර එල්ල කරන අයුරු දක්නට ලැබුණා.