Gossips

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනාට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට

කන්තලේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර, එක් අයෙකු කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවයි.
ඊයේ කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේ දිය නාමින් සිටි මෙම පිරිසට මොවුන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු බීමතින් පැමිණ පහරදී තිබුණා.