පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි සඳහා විසඳුම් ලබාදීමේ විශේෂ හමුව අද බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පෙරවරුවේ රැස්වූ අතර එය මේ වනවිටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීම්වලදී ලබාදුන් උපදෙස් අනුව පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව කටයුතු කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක්ද පත් කරනු ලැබුවා.


