Gossips

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බැලීමේ කමිටුව යළි රැස්වේ

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදියි.
මෙම විශේෂ හමුවේදී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති උසස්වීම්, මාරුවීම්, විනය දඩුවම් ආදී මෙතෙක් නොවිසඳී ඇති විවිධ ගැටළු පිළිබඳව තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඊට විසඳුම් ලබාගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව හිමිවනවා.
මීට අදාළව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටුව මීට පෙරද රැස්වී පොලිස් නිලධාරීන් මුහුණදී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කළා.