යාපනය – තෙලිප්පලෙයි පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ නිරතව සිටියදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි.
ඔහුගේ දේහය මේ වනවිට තෙලිප්පලෙයි රෝහලේ තැන්පත් කර තිබෙනවා.
වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
