Gossips

පොලිස් නිලධාරියෙකු දිවි අහිමි කළ අත්වැරැද්ද

අම්බලන්තොට – පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ දෙදරු පියෙකු වන 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.
ඊයේ (26) දිනයේදී මෙම පොලිස් සැරයන්වරයා සූරියවැව ප්‍රදේශයේ සිය නැගණියගේ නිවසට පැමිණ තිබෙනවා.
එහිදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති අතර, එම අවස්ථාවේදී අත්වැරදීමකින් වස බෝතලයක් ද පානය කර ඇති බවටයි වාර්තා වන්නේ.
වස පානය කිරීමෙන් බරපතල තත්ත්වයේ සිටි පොලිස් සැරයන්වරයා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.