Gossips

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවු අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය බීමතින් සිටි බව හෙළිවෙයි

බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර මහ රෝයලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍යවරිය බීමතින් රිය පදවා ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ද කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ඉරිදා අලුයම පැපිලියාන ප්‍රදේශයේදී වෛද්‍යවරිය විසින් පදවාගෙන ආ මෝටර් රථය පොලිස් පරීක්ෂකවරයෙකුගේ පුත්‍රයෙකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වුනා.
එහිදී පොලිස් පරීක්ෂකවරයා මියගිය අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලැබුවා.
මෙම අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශණයේදී වෛද්‍යවරියගේ බීමත්බව පරීක්ෂා කිරීම ගැටලුකාරී වු බව සඳහන්.
පොලිසිය සඳහන් කර ඇත්තේ සැකකාර වෛද්‍යවරිය මත්පැන් පානය කර ඇත්දැයි අනාවරණ කර ගැනීම සඳහා කලුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ ද මත්පැන් ගඳ වහනය නොවන බවට ඔහු සිය වාර්තාව ඔස්සේ දක්වා තිබු බවයි.
කෙසේවෙතත් පොලිසිය බීමත්බව පරීක්ෂා කරන ඇල්කොලයිසර් උපයෝගී කර ගනිමින් සිදු කළ පරීක්ෂණයේදී ඇය මත්පැන් වර්ගයක් භාවිත කර සිට ඇති බවයි හෙළිවී ඇත්තේ.
මෙම වෛද්‍යවරිය පැදවු වාහනයේ සංගීත කණ්ඩායමක තරුණියක සහ තරුණයන් දෙදෙනෙකු රැගෙන යමින් සිටි බව ද සඳහන්.
ඔවුන් මෙලෙස අධික වේගයෙන් ගමන්කර ඇත්තේ පෞද්ගලික සාදයකට යාමට වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
සැකකාර වෛද්‍යවරියට අනතුරින් සුලු තුවාල සිදුවී ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් කොළඹ අද පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අදහස් පළ කළා.