පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර, ගෙල බැදි රන් මාලයක් කොල්ල කා පළා ගිය සැකකරුවෙකු නිට්ටඹුව – මීවිටිය – එල්ලක්කල ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔහු එම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බවයි.
පසුගිය බදාදා මීරිගම – පස්යාල මාර්ගයේ දී සිදුවූ මෙම සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විටත් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහු ප්‍රභූ ආරක්ෂක කොට්ඨශයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙක්.
