Gossips

පොලිස් නිලධාරියෙකුට පහර දුන් තංගල්ලේ එජාප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

තංගල්ල – විතාරන්දෙනිය ඉහළගොඩ ප්‍රදේශයේදී ඇති වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ රාත්‍රියේ තවත් පිරිසක් සමඟ එම ප්‍රදේශයේ පිහිටි, පොලිස් සැරයන්වරයෙකුගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන ඇති අතර, පසුව එය දුරදිග ගොස් මෙම පහරදීම සිදුකොට ඇති බව පොලීසිය සඳහන් කළා.
අදාළ පොලිස් නිලධාරියා තංගල්ල කාල්ටන් නිවසේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇති අතර, පහරදීමෙන් තුවාල ලැබූ ඔහු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තුවාල ලැබූවන් අතර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොහොයුරා ද පසුවන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.