පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහර දී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුරුණෑගල – ගොකරැල්ල – බක්මීගොල්ල ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු මෙලෙස පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ ගංජා ග්‍රෑම් 230ක් සොයාගෙන තිබෙනවා.
සැකකරු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.