එරාවුර් පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට රුපියල් දහසක අල්ලසක් ලබාදීමට ගිය කල්මුණේ සහ මඩකලපුවේ මූල්‍ය ආයතනයක සේවකයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයකට සහ ට්‍රැක්ටරයකට ලබාදුන් මූල්‍ය පහසුකමකට අදාළව එහි හිමිකරු විසින් වාරික නොගෙවීම සම්බන්ධයෙන් අදාළ මුල්‍ය ආයතන සේවකයා පොලීසියට පැමිණිලි කිරීමට යාමේදියි මෙම අල්ලස් මුදල ලබාදීමට තැත්කර ඇත්තේ.
එම මූල්‍ය ආයතනයේ සේවකයා පැමිණිල්ල සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියාට අල්ලස ලබාදීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියා එය ප්‍රතික්ෂේප කර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 72 හැවිරිදි අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.