Gossips

පොලිස් නිලධාරියාට මරු කැඳවූ අනතුරේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යළි රිමාන්ඩ්

බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක නැමති සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කළ අතර, එදින රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් සැකකරු හඳුනා ගත් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය මස 24 වන දා බම්බලපිටිය – ගාලු පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය, අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.
එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.
පසුව සති දෙකකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර පසුගිය 9 වන දා ජීවිතක්ෂයට පත්වුණා.
rn