Gossips

පොලිස් ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරය (ඡායාරූප)

ඉන්දියාවේ – ශ්‍රී නගර්හි පොලිසියට අයත් ගොඩනැගිල්ලකට ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනෙකු ඇතුළු වීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කර තිබෙනවා.
එහි තිබූ පොලිස් කඳවුරක් විනාශ කිරීම සඳහා මොවුන් පැමිණෙන්නට ඇති බවටයි එරට ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.
එහිදී ඉන්දීය ආරක්ෂක අංශ සහ තුවක්කුකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවෙන් එක් සොල්දාදුවෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ආක්‍රමණික සන්නද්ධ සාමාජිකයන් පළා ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ පාකිස්තාන සිරකරුවෙකු පසුගිය 6 වන දා පළා ගිය ශ්‍රී නගර් හි රෝහලක් අසළින්.
ජම්මු කාශ්මීරයේ පසුගිය සතියේ ඇති වූ මෙවැනි ගැටුමකින් ඉන්දීය සොල්දාදුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.