Gossips

පොලිස් කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක්

නීති විරෝධි මත්පැන් අලෙවි කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගිය මිහින්තලේ පොලීසියේ කොස්තාපල්වරයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එහිදී තුවාල ලැබු ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මහකනදරාව – වම් ඉවුරයාය 01 ප්‍රදේශයේ වෙල්යායක් අසල ස්ථානයකදී ඊයේ(14) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මත්පැන් බෝතලයකින් ඔහු පොලිස් කොස්තාපල්වරයාට මෙලෙස පහරදී තිබෙනවා.
වැටලීමට එක්වූ අනෙක් පොලිස් නිලධාරින් විසින් පසුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.