ජාතික පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායක කරූ ජයසූරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට මෙම දෙපාර්ශවය කැඳවා ඇති බවයි කථානායක මාධ්‍ය අංශය කියා සිටියේ.
