වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි 625 ක් ලැබී තිබෙනවා.
එහි මහජන පැමිණිලි අංශයේ අධ්යක්ෂ ප්‍රභාත් ලක්ෂ්මන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එම පැමිණිලි වලින් අඩක විමර්ශන කටයුතු මේ වන විට අවසන් වී ඇති බවයි.
අදාළ පැමිණිලිවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පොලීසිය අකාර්යක්ෂම බව සඳහන් කරමින් වන අතර, එම පැමිණිලි සංඛ්‍යාව 250 කට අධිකයි.
එසේම, බරපතල වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පසුගිය මාස හයේදී එක් පැමිණිල්ලක් වාර්තා වී ඇති අතර, පහරදීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව පැමිණිලි 15 ක් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව, පක්ෂග්රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ කාල සීමාවේදී පැමිණිලි 90 ක් වාර්තා වී ඇති අතර, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යටතේ පැමිණිලි 173 ක් ලැබී ඇති බව ද ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ අධ්යක්ෂවරයා සදහන් කළා.
මේ අතර, වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 42 දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
එසේම, අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසර තුළදී පමණක් පුද්ගලයින් 57 දෙනෙකු වරදකරුවන් බවට පත්කර ඇති බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ.