Gossips

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මහරගම නගර සභා රැස්වීම ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරියන් 6 දෙනෙකු දිවුරුම්දීමෙන් පසු පළමු වරට මහරගම නගර සභාව අද රැස්වුණා.
ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
පසුගිය 7 වනදා නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්ති කොඩිකාර ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දිවුරුම් දුන්නේ නගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම් අංක – 02 නියෝජනය කරන මන්ත්‍රීවරියන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පා සඳහායි.
කෙසේ වෙතත්, එම දිවුරුම්දීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ලබාදුන් තීන්දුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වී තිබෙනවා.