Gossips

පොලිස් ආරක්ෂාව තිබියදී, කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීම ගැන, වෙනම පරීක්ෂණ

පොලිස් ආරක්ෂාව සහිතව සිටියදී කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාරය එල්ල වීම ගැන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පසුගිය 12 වන දා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් උදරයට සහ අතකට තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සුව අතට පත්වෙමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.