Gossips

පොලිස් අධිකාරීවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුට ස්ථාන මාරු

සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුගේ සහ පොලිස් අධිකාරීවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාගේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඒ යටතේ මහනුවර කොට්ඨාශය භාරව සිටි පොලිස් අධිකාරී කේ.බී. කීර්ති රත්න මාතලේ කොට්ඨාශය වෙත ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
එමෙන්ම මාතර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී එම්.ඩී .ඩී . සේනානායක රත්නපුර කොට්ඨාශය වෙතට සහ කළුතර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී පී.එම්.ඩී.යූ.බී. පලිහවඩන ගම්පොළ කොට්ඨාශය වෙත ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.