ජාතික පොලිස් කොමිසන් සභාව සහ පොලිස්පතිවරයා අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා තිබෙනවා.
ඒ, පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන පරස්පරතා පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීමකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුලත්.
