Gossips

පොලිස්පති, පරීක්ෂණ කමිටුව හමුවට

තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙනී සිටියා.
චෙක්පත් ලබා ගැනීම් ඇතුළු පොලිස්පතිවරයාට එල්ල වී ඇති සියලූ චෝදනා සම්බන්ධයෙන් මෙම කමිටුව විමර්ශන සිදුකරන බවයි නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.