Gossips

පොලිස්පති නියමයෙන් නිලධාරීන් 2891 දෙනෙකුට උසස්වීම්

පසුගිය දා පැවති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලින් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් නිලධාරීන් 2891 දෙනෙකු විවිධ තනතුරු සඳහා උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 1783 දෙනෙකු උසස් කර ඇති බවයි.
ඊට අමතරව කාන්තා පොලිස් කොස්තාපල් තනතුරේ සිට කාන්තා සැරයන් තනතුර දක්වා 334 දෙනෙකු උසස් කර ඇති අතර, සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 553 දෙනෙකු උසස් කර තිබෙනවා.
කාන්තා සැරයන් තනතුරේ සිට කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා 76 දෙනෙකු උසස් කර තිබෙන අතර, පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුර සඳහා 124 දෙනෙකු උසස් කර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර, පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට ප්‍රවාහන උප පොලිස් පරීක්ෂකවරුන් ලෙස 21 දෙනෙකු උසස් කර තිබෙනවා.