Gossips

පොලිස්පති ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි දැනුම් දීමක්

සති දෙකක කාලයක් තුළ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් පොලිස්පතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දුන් බවට පළවන මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේ.
එමෙන්ම අගමැති හෝ ජනපති පොලිස්පතිවරයාට ඉවත් වන ලෙස දැනුම් දී නොමැති බවද නීතිය හා සාමය පිලිබඳ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පොලිස්පතිවරයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතිය හා සාමය විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
නීතිය හා සාමය විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මෙම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත් සහ පද්ම උදයශාන්තද මැදිහත්වුණා.
මේ අතර ජාතික පොලිස් කොමිසම අද රැස්වූ අතර, ඊට පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ්.