පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අවසන් වීමෙන් අනතුරුව ඔහු පිළිබද ඉදිරි තීරණ ව්‍යවස්ථාදායක සභාව මගින් ගනු ඇති බවයි.