Gossips

පොලිස්පති ඉල්ලා අස්වී නැහැ – නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

විවිධ වාර්තා පළවුවද පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා රිය අනතුරු ඉහළ යාම පිළිබඳව පළමුව අදහස් පළ කරමින් කියා සිටියේ මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2368 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙන්ම පසුගිය වසර 7 ක කාලය තුළ පුද්ගලයින් 18,491 ක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඔහු ඉල්ලා අස්වන බවක් මෙතෙක් දැනුම්දී නොමැති බවයි.
එසේම පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමේ අයිතියක් පවතින බවද ඔහු සඳහන් කළා.