මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබද පරීක්ෂා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ඇතුළු කණ්ඩාමක් ඊට එක්ව සිටින බවයි.
අද (30) උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගත්තා.
