Gossips

පොලිස්පතිවරයා විදේශ ගතවෙයි – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න එම තනතුරේ වැඩබැලීම සඳහා පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
අදාළ සමුළුව ලබන 25 වනදා දක්වා ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වෙනු ඇති.