Gossips

පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාවට කැඳවයි

පොලිස්පති පුජිත ජයසුන්දර සහ පොලිස් කොමිසමේ සමාජිකයින් කිහිපදෙනෙක් අද ව්‍යවස්ථාදායක සභාව වෙත කැඳවා තිබෙනවා.
තමන් ලබා දුන් නියෝග 10ක් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ ලේකම් ජී.එච්.මනතුංග පසුගිය 29 වනදා කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම් දීම අනුව මෙම කැඳවීම සිදු කළ බවයි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ව්‍යවස්ථාදායක සභාව සමාජිකයින් 10 දෙනෙකුගෙන් යුක්තවන අතර, අද පස්වරු 2.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි.