පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා අතර නොවිසදී ඇති ගැටළු දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දෙපාර්ශවයටම දැනුම් දී තිබෙනවා.
ඒ, ඔවුන් අතර පසුගිය දා ඇති වූ ගැටළුකාරී තත්ත්වය පිළිබදව අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදියි.
ගැටළු විසදා ගෙන දින 14ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාව ලබාදුන් නියෝග 10 ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහායි පැමිණිල්ල සිදුකළ කොමිසමේ නිලධාරීන් සහ පොලිස්පතිවරයා අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ පෙනී සිටියේ.
