පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ සතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මාධ්‍ය හමුවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික තත්ත්වයද මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවයි.
