පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණයට එළඹුණු බවයි.
පොලිස්පතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ පොලීසිය සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවීම සඳහායි.
ඊට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලූ අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්වීමට නියමිතව තිබුණා.
මේ අතර පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත්කළ කමිටුව, ඔහුට එරෙහි අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මෙන්ම මාධ්‍ය වාර්තා පිළිබඳවද සොයා බැලීමට නියමිතයි.