Gossips

පොලිස්පතිගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202ක මුදලක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ උදෑසන 9 සිට දහවල් 12 දක්වා පොලිස්පතිවරයා කමිටුව හමුවේ පෙනී සිටි බවයි.
එහිදී ත්‍රිපුද්ගල කමිටුව පොලිස්පතිවරයාගෙන් දීර්ඝ ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමසා තිබෙනවා.
එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළා.
ඊට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන මාලා බස්නායක, ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ආලෝක බණ්ඩාර ඇතුළත්.
මේ සම්බන්ධයෙන් වන වාර්තාව කඩිනමින් අමාත්‍යවරයාට භාරදීමට නියමිතයි.