Gossips

පොල් මිල යළි ඉහළට – උපරිම මිලකට පොල් අලෙවි කිරීමට සැලසුම්

පොල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද ඇතැම් ප්‍රදේශවල වැඩි මිලට පොල් අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සති දෙකක් ඇතුළත් ජංගම රථ යොදා ගනිමින් රුපියල් 75 ක උපරිම මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.