Gossips

පොල් මිල පහළට

පොල් අස්වැන්න වෙළඳපොලට ලැබීම ඉහළ යාමත් සමඟ පොල් තොග මිල ගණන් පහත බැස තිබෙනවා.
පසුගිය සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු පොල් ගෙඩියක තොග මිල රුපියල් 80 ක් දක්වා ඉහල ගොස් තිබුණද මේ වනවිට එය රුපියල් 30 ත් 35 ත් අතර අගයක පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් තවදුරටත් පොල් වගාව ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මයිටා උවදුර හේතුවෙන් ඉදිරියේ පොල් අස්වැන්නට බලපෑමක් එල්ල විය හැකි බව පොල් වගාකරුවන් පෙන්වා දෙනවා.