මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් මිල සියයට 6 යි දශම 4 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
පසුගිය සතියේදී පොල් දහසක මිල රුපියල් 30,793 ක් ලෙස සටහන් වූයේ සියයට 30 ක මිල අඩුවීමක් සලකුණු කරමින්.
එහෙත්, මේ සතියේදී පොල් දහසක මිල රුපියල් 32,770 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙවර කොළඹ පොල් වෙන්දේසියට පොල් ගෙඩි නව ලක්ෂ 72,772 ක් ඉදිරිපත් වූ අතර ඉන් පොල් ගෙඩි හත්ලක්ෂ 87,987 ක් අලෙවි වී තිබෙනවා.
මේ වසර මුලදී නියඟය නිසා පොල් නිෂ්පාදනය පහත වැටීමත් සමඟ සැකසූ පොල් නිෂ්පාදන කම්හල් වසා දැමීම, පොල් සඳහා ඉල්ලුම පහත වැටීමට බලපා ඇති බව සඳහන්.
කෙසේ නමුත්, මේ වසරේදී පොල් නිෂ්පාදනය සියයට 20 කින් ඉහළ යනු ඇති බවටයි පොල් පර්යේෂණ ආයතනය අපේක්ෂා කරන්නේ.