Gossips

පොල් ඵලදාව වැඩි කිරීමට පියවර

මෙරට පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලය විශේෂ වැඩසටහන් කිහිපයක් දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙනවා.
එහිදී පොල් වගාව සඳහා වසුනු යෙදීම සහ පොහොර භාවිතය මෙන්ම වගාවේ කාණු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වගාකරුවන් දැනුම්වත් කිරීම සිදුවනවා.
පසුගිය කාලසීමාවේදී පොල් මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර, එය පාලනය කිරීම සඳහා පොල් වගාව සංවර්ධනය කිරීම මෙහි අරමුණ බවයි පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.