ගලේවෙල – දේවහූව ප්‍රදේශයේ ගෙවත්තක පොල් කඩමින් සිටි පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (15) මෙලෙස මිය ගොස් ඇත්තේ දේවහූව – රටමිරිස්හේන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.
පොල් කැඩීම සිය ජීවන වෘත්තිය කර ගත් මෙම පුද්ගලයා ගසේ ඉහළ කොටසේ දී මෙලෙස පය ලිස්සා බිමට ඇද වැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
