Gossips

පොල් ගසක් වැටී 14 හැවිරිදි දරුවෙකු මරුට

පොල් ගසක් ශරීරය මතට කඩා වැටීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ පුවතක් නිට්ටඹුව – අලවල – හෑපනාකන්ද ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ශිෂ්‍යත්ව පුහුණු පන්තියක් සඳහා ගොස් සිටි සිය බාල සොහොයුරා යළි නිවසට කැදවාගෙන ඒමට යමින් සිටි දරුවෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මොහු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.