Gossips

පොල් අපනයන තහනම ඉවතට

මේ වසර මුල දී ඉතා ඉහළ මට්ටමක පැවති පොල් මිල සමනය වීමත් සමඟ පොල් අපනයනයට පැනවුණු තහනම ඉවත් කර තිබෙනවා.
පොල් අපනයනය තහනම් කෙරුණේ නියඟයෙන් පසු ගෝලීය පොල් නිෂ්පාදනය ද පහළ වැටීමෙන් අනතුරුවයි.
කෙසේ නමුත්, මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 36යි ශත 34 ලෙස සටහන් වී තිබෙනවා.
එය පසුගිය සතියට සාපේක්ෂව පොල් මිලෙහි සියයට 5.4ක පහත වැටීමක්.
මේ සතියේ පොල් වෙන්දේසියට 6 ලක්ෂ 89,948ක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් තුන් ලක්ෂ 58,440ක් පොල් දහස රුපියල් 36,346ක් ලෙස අලෙවි වුණා.