Gossips

පොල්හේන වෙරළෙන් කැස්බෑ පැටවුන් 200ක් මුහුදට

මාතර, පොල්හේන වෙරළ තීරයේ සිටි කැස්බෑ පැටවුන් 200ක් පමණ මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.
පොල්හේන වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු වල නියැලී සිටින ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසකට ඊයේ (27) උදෑසන මෙම අලුත උපන් කැස්බෑ පැටවුන් හමුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඊයේ සවස එම සත්වයින් මුහුදට මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
පොල්හේන වෙරළ තීරය සංචාරකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශයක් වීම නිසා මෙම සත්වයන්ට හානියක් වීමට ඉඩකඩ ඇති බැවින් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.